අධිකරණය සතු යුතුකම – 01

 අඩු වේතන ලබන්නන්ගේ සමජයක් වන ලංකාව තුළ ජනතා නිදහස ආරක්ෂා කිරීමට අධිකරණය සතු යුතුකම සහ මේ පිළිබඳව අත්‍යවශ්‍ය මහජන මැදිහත් වීම

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ලංකාවේ සමරනු ලබන්නේ මානව හිමිකම් භුක්ති විඳීම සඳහා ඇති ඉඩකඩ ලංකාවේ ඉතා පුළුල් ලෙස ඇහිරෙමින්  පවතින තත්වයක් යටතේය. මෙම සියලුම ඇහිරීම් වල කේන්ද්‍රය ලෙස පවතින්නේ 1978 ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක්‍රමය හදුන්වා දී ඊට ඇති බලතල පුළුල් කිරීම තුළින් අධිකරණයේ බලය ඉතාමත්ම සීමිත මට්ටමකට අඩුකර දමා තිබීමය. අද අධිකරණ වල බලය කොතරම් සීමා වීද යත් පුද්ගලයෙකුගේ ආරක්ෂාව සඳහා පවතින කිසියම් ගැටලුවකදී රජයට විරුද්ධව මැදිහත්  වී රාජ්‍ය බලයෙන් පුද්ගලයා නිදහස්ව පවත්වාගෙන යාමේ වගකීම ඉටුකර ගැනීමට හැකි තත්වයක ලංකාවේ අධිකරණය පවතින්නේ නැත. අධිකරණ බලයේ හරය නම් රජයත් රටවැසියත් අතර ඇතිවන ගැටීම වලදී රට වැසියාගේ ආරක්ෂාව සලසා දීමය. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය මඟින් මෙම මැදිහත්වීමේ හැකියාව ලංකාවේ අධිකරණය  තුළින් ඉතාමත්ම අවම මට්ටමකට පහත දමා ඇත. මේ හේතුව නිසා ලංකාව තුළ රජය විසින් මහජනතාවට කරනු ලබන හිරිහැර වලදී ජනයා ආරක්ෂා කිරීම සඳහා මාවතක් නැති තරමට තත්වය නරක අතට හැරී ඇත.

ජනතාව සතුවන්නා වූ මුලික සිවුල් අයිතිවාසිකමනම් සාදාරණ හේතුවකින් තොරව අත්අඩංගුවට ගැනීම් වලින් මිදී සිටීමේ අයිතිය, නීතිවිරෝධී වන ආකාරයෙන් රඳවා  ගැනීම් වලට  යටත් නොවී සිටීමේ අයිතිය, වද හිංසාවෙන් මුළුමනින්ම තුරන් වී ජීවත් වීමේ අයිතිය, සාදාරණ නඩු තීන්දුවක් ලබා ගැනීම සඳහා සාදාරණ නඩු විභාගයක් ලබා ගැනීමට ඇති අයිතිය, අදහස්  ප්‍රකශ කිරීමේ අයිතිය, අදහස් ප්‍රසිද්ධ කිරීමේ අයිතිය, තමන්ගේ අවශ්‍යතාවයන් සඳහා සංවිධාන ගොඩ නගා ගැනීමේ ඇති අයිතිය මෙන්ම සාදාරණ මැතිවරණ ක්‍රමයක් යටතේ තමන් වෙනුවෙන් පෙනී සිටින්නන් පත් කර ගැනීමේ ඇති අයිතිය ආදී මේ සියල්ල ස්ත්‍රී- පුරුෂ හෝ ජාති- වාර්ගික, ආගමික – කුල  ආදී වෙනසකින් තොරව එක සමාන ආකාරයකින් අයිතීන් ආරක්ෂා කර ගැනීමේ අයිතියද රටේ සෑම රට වැසියෙකුටම හිමි අයිතිවාසිකමයි.

රටවැසියාගේ ආර්ථික සහ සමාජීය අයිතිවාසිකම් රැක ගත  හැක්කේ ඉහත සඳහන් කළ  සිවිල් අයිතිවාසිකම් පවතින තාක් කල්  දුරට සහ ඒවා රැක ගැනීමේ හැකියාවෙන් පමණි. සංවර්ධනයේ නාමයෙන් හෝ වෙනත් කිසියම් අදහස් වල මාර්ගයෙන් සිවිල් අයිතිවාකම් නැති කර දමන සෑම අවස්ථාවකම රටවැසියාට තම රැකියාව ආරක්ෂා කර ගැනීමේ අයිතියද රැකියාවට උචිත ලෙස වැටුපක් ලබා ගැනීම සඳහා බලපෑම් කිරීමට සංවිධානය වීමේ අයිතියද,  ස්ත්‍රී – පුරුෂ යැයි නොසලකා සමාන ආකාරයෙන්  රැකියා, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී සියලුම කටයුතු වලදී එක සමානව භික්ති විඳීමේ ඇති අයිතින් ආදී කිසියම් අයිතියක් රැක ගැනීමට හැකිවන්නේ නැත. මේ නිසා ආර්ථික වශයෙන් දියුණු වූ  අනාගතයක් සඳහා සිවිල් අයිතිවාසිකම් පරිත්‍යාග කළ යුතුය, යන අදහස මුළුමනින්ම බොරු, පදනමක් නැති අදහසක්  වන අතර ඉන් ආර්ථික දියුණුවක් ඇති නොවන්නා පමණක් නොව සමාජයේ සියලුම සංවිධාන රටාව  විනාශ වී ගොස් ආර්ථිකයට අත්‍යවශ්‍ය සංවිධානාත්මක භාවයවත් සමාජයක් තුළ පවත් වා ගැනීමට පවා බැරි තත්වයක් ඇතිවේ.


පොලිසියේ විනය බිඳ වැටීම

අද ඉබාගාතේ මිනිසුන් අත්අඩංගුවට ගැනීම විශාල වශයෙන් සෑම තැනකදීම සිදු වේ. මෙයට මුලික හේතුව වන්නේ  පොලිසිය විනයෙන් තොර සහ නීතියෙන් තොරව ක්‍රියාත්මක වන සංවිධානයක් බවට පත්වීමය. පොලිසියේ සංවිධානාත්මක බාවයත් නීතියට යටත්ව එය ක්‍රියාතමක කිරිමත් හැකි වන්නේ ඉහල සිට පහලට ක්‍රියාත්මක වන නිසි නායකත්වයක් පොලිසිය තුළ පවතින තාක් දුරට පමණි. නිතිය ආරක්ෂා කිරීම සඳහා විශාල බලතල දරන්නා වූ මෙම සංවිධානය කොයි රටක දී වුණත් පාලනය කළ හැක්කේ එය තුළ නීතියේ අධිපතය රඳවා තැබිය හැකි ඉහළ සිට පහලට ක්‍රියාත්මක වන නායකත්වයක් තිබෙන තාක් දුරට පමණි. එහෙත් ලංකාව  තුළ  මෙම තත්වය වෙනුවට ලංකාවේ පොලිසිය පාලනය කරණු ලබන්නේ එහි ඉහළ සිටින නිලධාරින් විසින් නොව පිටින් සිටින ජනාධිපති සහ වෙනත් බලපෑම් කළ හැකි  දේශපාලනඥයන්ය. මෙය පොලිස් සේවය  දේශපාලනකරණ වීම ලෙස පොදුවේ හඳුන්වනු ලබයි. මෙයින් මුලිකවම හැඳින්වෙන්නේ පොලිසිය නීතියේ අවශ්‍යතාවයනට අනුව එහි නායකත්වය දරණ පොලිස්පතිවරයා විසින් පාලනය වන  සංවිධානයක්  වෙනුවට දේශපාලන නායකත්වයේ  අවශතාවයන් උදෙසා රටේ දේශපාලනඥයන්  විසින් තමන්ගේ අභිමතය අනුව තමන්ගේ අනසකට යටත් කර ගත් සංස්ථාවක් බවට පත් කර ගැනීමය.


පොලිසියේ නීතිය

මෙය ඉතාමත බරපතල විනාශකාරී  තත්වයක්  වන්නේ ඕනෑම සමාජයක සංවිධානාත්මක රටාව ආරක්ෂා කළ හැක්කේ රටේ නීතිය රකින සංස්ථාවකින් පමණක් නිසාය. නිතිය ක්‍රියත්මක කිරීම පොලීසය සතු රාජකාරිය වන අතර එම පොලිසිය තුළම නිතිය පවතින්නේ නැත්නම් මෙම රාජකාරිය කිරීමට නොහැකිය.  මෙහි ප්‍රතිපලය වශයෙන් අද සිදුවන්නේ ඉබාගාතේ මිනිසුන් අල්ලාගෙන විත් ඔවුන්ට පහරදී තොරතුරු එකතු කරගැනීම සඳහා යැයි කියන – කරණ උත්සහායන් ඔස්සේ විශාල වශයෙන් මහජනතාවට හිරිහැර කිරීමය. සාධාරණ හේතු මත පමණක් මිනිසුන් අත්අඩංගුවට ගැනීම  වනාහී රටක නිදහස ආරක්ෂා කිරීමේ අත්‍යවශ්‍ය වන කොන්දේසියකි.

අත්අඩංගුවට ගැනීම සහ නිදහස

අත්අඩංගුවට ගැනීම නම් යමෙකුගේ නිදහස නැති කිරීමය. එසේ තාවකාලිකව  නිදහස නැති කිරීමට ඇති එකම අවස්ථාව අපරාධයක්  සිදු කිරීම සම්බන්ධයෙන් සාදාරණ කරුණු යමෙකුට විරුද්ධව පවතින තාක් කල් දුරට පමණි. මෙම කරුණු වල සාධාරණ බාවය මැන ගැනීමේ අයිතිය පවතින්නේ  අධිකරණය තුළය.  යම් අත්අඩංගුවට ගැනිමක් නීතියක් මත පදනම් වී බුද්ධි ගෝචර ආකාරයෙන් සිදු වූවද නැද්ද යන්න මැනීමේ හැකියාව අධිකරණයට පැවරී තිබේ. මේ අනුව විශේෂයෙන්ම  පොලිසියත් සමඟ නිතරම ගනු දෙනුවේ යෙදෙන මහේස්ත්‍රාත් අධිකරණය මහජන නිදහස පිලිබනවා ඉතා විශාල කර්ත්වයක් කරනු ලබයි. එහෙත් නිතිය තුළම ඇති කරගත් විශාල ව්‍යකූලත්වයන් තුළින් මහේස්ත්‍රාත් අධිකරණයේ බලය අවම කළොත්  ඉන් මහජන නිදහසට විශාල විනාශයක් සිදු වේ.

ඇප පිළිබඳ  නීතිය සහ නිදහස

අද විවිධාකාර නීති මඟින් ඇප දීමේ අයිතිතිය මහේස්ත්‍රාත්වරුන්ට අහිමි වන තත්වයක් දක්වා බොහෝ දුරට නීතිය වෙනස් කර ඇත. සාමාන්‍යයෙන් රිමාන්ඩ් බාරයට පත් කළ යුතුද නැද්ද යන්න පිළිබඳව තීන්දුව සාධාරණ හේතු මත ගැනීමේ අයිතිය ඇත්තේ මහේස්ත්‍රාත්වරයාටය. එහෙත් අද පන වන බොහෝ නීති මඟින් ඇප දීමේ අයිතිය මහේස්ත්‍රාත්වරයාට අහිමි කරණු ලබයි. එය සමහර විට එක්තරා කාලයන් සඳහා අහිමි කරනු ලබයි. සමහර විට එය මුළුමනින්ම අහිමි කරනු ලබයි. මෙය අද ලංකවේ පුරවැසියාගේ නිදහසට ඉතා ගැඹුරුම ආකාරයෙන් බලපාන ප්‍රශ්නයක් බවට පත් වී තිබේ. විධායකයට පාර්ලිමේන්තුව තුළදී ඉතා පහසුවෙන් පනත් සම්මත කර ගැනීමට ඇති හැකි  වටපිටාවක් නිර්මාණය කර ඇති තත්වයක් මත ජනතාවගේ නිදහස අවුල් වන්නා වූ නීති ඕනෑ තරම් පනවා ගැනීමට රජයකට පුළුවන. අහවල් හේතුව නිසා අහවල් අපරාධයට ඇප දීම මහේස්ත්‍රාත්වරයාට කළ නොහැකි යැයි නීතියක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීම මහා විශාල ගැටලුවක් ලෙස අද නොපවතී. මේ ආකාරයෙන් පැන වූ නීති විශාල වශයෙන් දැන් නීති පොතට අඩංගුව ඇත. එහි ප්‍රතිපලය ලෙස මහේස්ත්‍රාත්වරුන් විශාල ආකාරයනේ බල රහිත තත්වයට පත් කොට ඔවුන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මිනිසුන් රීමාන්ඩ් භාරයට පත් කිරීමේ කාර්ය භාර්ය ඔවුහු මත පැට වී ඇත්තාහ.


මතු සම්බන්ධයි
Source:අධිකරණය සතු යුතුකම – 01

Advertisement

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.