සදාචාරය හා සමාජ සංවිධානය

17 වන සංශෝධනය නැවත පණ ගැන්විය යුතු යැයි කියන්නන් ද කරණු ලබන්නේ ප්‍රශ්නයේ  සැබෑ මූලය අමතකකර දැමිමය. ජනාධිපතිවරයා නීතියට  ඉහළින් පිහිටා තිබිම  නැතිකල යුතුය යන ස්ථාවරය අමාරු දේශපාලන ක්‍රියාමාර්ගයක් වන හෙයින් එයට  මුහුණ නොදි 17 වන සංශෝධනයක්  ගැන කථාකරන්නේ එක්කෝ තමන්ම මුලා වි ඇති නිසා  හෝ වෙනත් රටවැසියා මුලා කිරිම සඳහා  විය යුතුය. 
නීතිය නැවත බලසහිත නොකොට ලංකාවට සංවිධානාත්මක සමාජයක් සේ පැවතිය නොහැකිය. සමාජ සංවිධානයේ බිඳ වැටිම හා සදාචාරයේ බිඳ වැටිම එකට සිදුවේ. මේවා වෙන් වෙන් වු ප්‍රශ්න ලෙස විසඳිය නොහැකිය. නීතියෙන් තොරව සදාචාරය ඇති කළ නොහැකිය. නීතිය හා සදාචාරයෙන් තොරව සංවිධානය වූ සමාජයක් සේ ලංකාවට පැවතිය නොහැකිය. මේසා විශාල ප්‍රශ්නයක් විසඳ ගැනිම ලංකිකයා වර්තමාන තත්ත්වය තුළ මුහුණ දෙන අභියෝගයයි. නිතියේ ආධිපත්‍යයට ඉඩ ඇතිවන සේ 1978 ව්‍යවස්ථාව නිශ්ප්‍රභාකිරිම හෝ සංශෝධනය  කිරිම මෙම පරිහානියෙන් ගැලවිමට ඇති එකම මාවතය.  Read more »

නඩුවක හා නාඩගමක ඇති වෙනස

අපරාධ පරික‍ෂණය නැසිලෙස නිමවිමත් සමගම “කොමන් ලෝ” (Common Law) යනුවෙන් හැඳින්වෙන ලංකාවේ දැනට පවතින නිති ක්‍රමයට අනුව ඊළඟ වගකිම පැවරෙන්නේ නිතිපතිවරයාටය. නිතිපතිවරයාගේ දෙපාර්තමේන්තුවේ නිසි අධ්‍යාපනික සුදුකම් ඇති නියෝජිතයෙකු විසින් මෙම වාර්තාව පිළිබඳව විශ්ලේෂණයක් කරණු ලබයි
නඩුවක් යනු නීති කෘත්‍යයකි. ගැටලුවකට මුහුණදී ඇති කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ශවකරුවනට යුක්තිය ඉටුවිය යුත්තේ කෙසේද යන ප්‍රශ්නය නිරාකරණය කරගැනීමේ සම්මත ක්‍රමය ලෙස පිළිගැනීමට ලක්වි තිබෙන්නේ ඩු ඇසිම පිළිබඳ සංකල්පයයි. එය සමහර විට අපරාධ ක්‍ෂේත්‍රයේ සිදුවුනා යැයි කියන සිද්ධියක් ගැන විය හැකිය. උදාහරණයක් වශයෙන් මිනිමැරිමක්, සොරකම් කිරීමක්, නිතිවිරෝධී ආයුධ ළඟ තබාගැනීමක් හෝ නිතවිරෝධි මත්ද්‍රව්‍ය පිළිබඳව සිදුවිමක් විය හැකිය. මෙහිදි ඇත්තටම සිදුවුනු සිදුවිම කුමක්ද? එම සිදුවිම සම්බන්ධයෙන් වගකිම දරන්නේ කවුද? යන ප්‍රශ්න රටේ ඇති නීතිය අනුවත්, නිතිය විසඳාලීමට ඇති නෛතික කාර්ය පට්පාටිය අනුවත්, විසදිම නඩුවකදි සිදුවිය යුතු ක්‍රියා කලාපයයි Read more »

මීගමුවේ අබිරහස් මරණය හා ජනජීවිතයේ අනාගතය

ගමක් ගමක් පාසා නගරයක් නගරයක් පාසා දැන් ඇතිවිය යුතු මහජන ව්‍යාපාරය නම් නීතිය ස්ථාවර කරගැනිම සඳහා ඇතිකරගත යුතු ව්‍යාපාරයකි. එසේ කිරිමට පමාවෙන සෑම දිනයක් පාසාම රූපලාවන්‍යාගාර තුළ පමණක් නොව සෑම අස්සක මුල්ලකම මෙවැනි මහත් අපරාධ හා විපත් සිදුවනු ඇත.
මෙය සාමාන්‍ය අපරාධයක් නොවේ. තමන් මත විශ්වාසය තබා තමන්ගේ සේවාව සොයා  පැමිණි අයෙකුගේ මරණයත් එම මරණයෙන් පසු කර ඇති සොරකම් හා මරණය වසන් කිරිමට  ගෙන ඇති උපාය මාර්ග සාමාන්‍ය ජනජිවිතයේදි අසන්නට ලැබෙන අපරාධයකට වඩා  බරපතලකමක් මෙම සිද්ධිය තුළ පවතින බව හෙළිදරව් කරයි
මිගමු දළුවකොටුව ලොයෝලා විදුහලේ සංගීත අචාර්යවරිය වූ ශ්‍රීනි වාසනා අමරතුංග මහත්මිය මුහුණදුන් අබිරහස් මරණය මීගමුව ප්‍රදේශයේ පමණක් නොව ලංකාව පුරාම අද ජනයා මුහුණ දෙන බියකරු අපරාධ පිළිබඳව කැඩපතකි.
තිස්තුන් හැවිරිදි එක්දරු මාතාවක් වූ ශ්‍රීනි වාසනා සැප්තැම්බර් 25 වන දින සිය නිවසින් පිටව ගියේ බැංකුවට යෑමට හා කොණ්ඩය කපා ගැනීමටය. ඉක්මනින් ගෙදර එන බවත් ගෙදරට දවල් අහාරය සඳහා කෑම ගෙන එන බවටත් පොරොන්දු වූ ඇයට ඉදිරි පැය ගණන තුළ මුහුණ දෙන්නට සිදුවන විපත පිළිබඳව යාන්තම් හෝ හෝඩුවාවක් නොතිබෙන්නට ඇත. ඇය කොණ්ඩය කපා ගැනිමට හා මුහුණට ෆේෂල් එකක් කරගැනිමට ගියේ සුපුරුදු රූපලාවන්‍යාගාරයකටය. එහෙත් ඇය එම ස්ථානයේදි මුහුණදුන් තත්ත්වය තවමත් මුළුමනින් හෙළිදරව් නොවු අභිරහසක් ලෙස පවති.  Read more »

අධිකරණය සතු යුතුකම – 02

අඩු වේතන ලබන්නන්ගේ සමජයක් වන ලංකාව තුළ ජනතා නිදහස ආරක්ෂා කිරීමට අධිකරණය සතු යුතුකම සහ මේ පිළිබඳව අත්‍යවශ්‍ය මහජන මැදිහත් වීම

මහේස්ත්‍රාත් වරුන්ගේ බලය සිමකිරීමෙන් සමාජීය පිරිහීම

අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම් කිරීමේදී  මහේස්ත්‍රාත්වරුනට අහිමි කර ඇති බලය නැවත ඔවුන්ට ලබාදීම සඳහා ඇප සීමා කිරීමට  රටේ දැනට පුළුල්ව පැතිරී ඇති නීති ගණනාවක්  අවලංගු කිරීමත් අත්‍යවශ්‍ය වන්නේය. මේවා අතීතයේදී එක්කෝ හදිසි නීති යටතේ හෝ ත්‍රස්තවාදයට එරෙහි වූ නීති යටතේ ගෙන එන ලද සීමාවන්ය. මේ හැර තවත් සීමාවන් ගණනක්ද හේතු වී ඇත. විවිධ ආකාරයේ මත්ද්‍රවය නීතින් යටතේ හෝ වෙනත් බණ්ඩ හුවමාරු කිරීම් පිළිබඳව හෝ පමණක් නොව පසු කාලයේදී විශ්ව විද්‍යාල වල නවකයන් බඳවා ගනිමේදී කරණ විවිධ වැරදි ක්‍රියාවන් සඳහා ඇප නීති නැති කිරීමේ මට්ටමටම ඇප පිළිබඳව සංකල්පය සිමා කිරීම ලංකවේ සිදු වී ඇත. ඕනෑම අපරාධයක් අලුතින් නිර්වචනය කොට ඉන් පසු ඒ පිළිබඳව ඇප දීමට මහේස්ත්‍රාත්වරයාට ඇති බල නැති කිරීම සුලබව සිදු වේ. අප ලබා ගැනීම  ඉහල අධිකරණයකින් ලබා ගත යුතුය, ආදී නීති නීති ක්ෂේත්‍රයේ සෑම අංශයක් පුරාම පැතිරී ගොස් ඇත. මෙය  අතිශයින් විනාශකාරි වන්නේ මෙය නිදහසට පැනවෙන විශාල බාධාවක් පමණක්  නිසා නොව මේවා අනිසි ලෙස බලය පාවිච්චි කරමින් පොලිසිය තමන්ගේ පුද්ගලික වුවනාවන් ඉටු කර ගැනීමට විශාල පරිමාණයෙන් සිදු වීම නිසයි.

Read more »

අධිකරණය සතු යුතුකම – 01

 අඩු වේතන ලබන්නන්ගේ සමජයක් වන ලංකාව තුළ ජනතා නිදහස ආරක්ෂා කිරීමට අධිකරණය සතු යුතුකම සහ මේ පිළිබඳව අත්‍යවශ්‍ය මහජන මැදිහත් වීම

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ලංකාවේ සමරනු ලබන්නේ මානව හිමිකම් භුක්ති විඳීම සඳහා ඇති ඉඩකඩ ලංකාවේ ඉතා පුළුල් ලෙස ඇහිරෙමින්  පවතින තත්වයක් යටතේය. මෙම සියලුම ඇහිරීම් වල කේන්ද්‍රය ලෙස පවතින්නේ 1978 ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක්‍රමය හදුන්වා දී ඊට ඇති බලතල පුළුල් කිරීම තුළින් අධිකරණයේ බලය ඉතාමත්ම සීමිත මට්ටමකට අඩුකර දමා තිබීමය. අද අධිකරණ වල බලය කොතරම් සීමා වීද යත් පුද්ගලයෙකුගේ ආරක්ෂාව සඳහා පවතින කිසියම් ගැටලුවකදී රජයට විරුද්ධව මැදිහත්  වී රාජ්‍ය බලයෙන් පුද්ගලයා නිදහස්ව පවත්වාගෙන යාමේ වගකීම ඉටුකර ගැනීමට හැකි තත්වයක ලංකාවේ අධිකරණය පවතින්නේ නැත. අධිකරණ බලයේ හරය නම් රජයත් රටවැසියත් අතර ඇතිවන ගැටීම වලදී රට වැසියාගේ ආරක්ෂාව සලසා දීමය. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය මඟින් මෙම මැදිහත්වීමේ හැකියාව ලංකාවේ අධිකරණය  තුළින් ඉතාමත්ම අවම මට්ටමකට පහත දමා ඇත. මේ හේතුව නිසා ලංකාව තුළ රජය විසින් මහජනතාවට කරනු ලබන හිරිහැර වලදී ජනයා ආරක්ෂා කිරීම සඳහා මාවතක් නැති තරමට තත්වය නරක අතට හැරී ඇත.

Read more »

A new book: Gyges’ Ring

 “An outstanding contribution to the study of the constitution and the contemporary politics and history of Sri Lanka”

The Asian Human Rights Commission announces the publication of a new book, Gyges’ Ring — The 1978 Constitution of Sri Lanka by Basil Fernando. This book is a joint publication of the Asian Human Rights Commission, Hong Kong and the Rehabilitation and Research Centre for Torture Victims, Denmark.

This book is the most comprehensive study of the 1978 Constitution to-date. It is a contribution to the study of constitutional law and criminal law in Sri Lanka as well as the politics and history of the country. The author traces the origins of the 1978 Constitution and its impact during the last 33 years. Read more »

A young man’s complaint of imminent threat to life

An Open Letter from the Asian Human Rights Commission to the Inspector General of Police and the Secretary, Human Rights Commission of Sri Lanka

Dear Sirs,

SRI LANKA: A young man’s complaint of imminent threat to life
Re: A young man’s complaint of imminent threat to life due to a powerful businessman working hand-in-hand with the OIC of the Ja-Ela Police Station — an Open Letter to the IGP and HRCSL

We are bringing to your notice an allegation of serious threat to life and deliberate refusal to carry out the duties of the police relating to serious assaults, attempted abductions and several other complaints by a young man living in Ja-Ela. His basic complaint is that due to some unfortunate but simple misunderstanding, a millionaire businessman of the Ja-Ela area with several criminal elements is harassing him and his family members. Further, the OIC of the Ja-Ela Police Station is ignoring his complaints and instead filing fabricated charges against him, his mother and an uncle. Read more »

Follow

Get every new post delivered to your Inbox.